අපි කැලැන්ඩර කතාව ඉවර කරලම කාන්තා දිනය කතාව කියමු, නැත්නං කැලැන්ඩර කතාව ආයෙම කොහෙහරි එල්ලන්න වෙනවනෙ... ඉතිං පොකැට් කැලැන්ඩරේ වැඩේ හරි, ඊළඟට තියෙන්නෙ ලොකු කැලැන්ඩරේ ඒ කියන්නෙ බිත්තියෙ එල්ලන එක ගහගන්න...පින්තූරයක් හොය හොයා ඉද්දි සුරේෂ් මුණගැහුනා, සුරේෂ් කිව්වෙ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා, ඒ දවස්වල දෙසතියෙ වැඩකරලා අයින්වෙලා හිටියෙ,අපූරු කලාත්මක ඇහැක් තියෙන ඡායාරූප ශිල්පියෙක්, සුරේෂ්ට මගේ අවශ්‍යතාව කියපුවම පින්තූරයක් හොයල දෙන්න පොරොන්දු වුණා.
සුරේෂ් දුන්නු පින්තූරවලින් අපි තෝරගත්තේ කුඩා ළමයින් ටිකක් මීදුමත් එක්ක උදෑසන හිරු එළියෙ වෙල් නියරක් දිගේ ඉස්කෝලෙ යන දර්ශනයක්,පින්තූරෙ හොයල කැලැන්ඩරේ ඩිසයින් කරල කලර් සෙපරේට් කරල ප්‍රින්ට් එකට දෙන්න ලැස්තිවෙලා ඉද්දි එකපාරටම ගිනිගෙඩියක් පාත්වුනා...ජනාධිපති ප්‍රේමදාස මහත්තයගෙ පින්තූරයක් කැලැන්ඩරේ පැත්තකින් දාන්න කියල ලොක්ක එකහඬින් කියාසිටිනව...
දන්නවනෙ මේ පොඩි පින්තූරයක් කැලැන්ඩරේ උඩ පැත්තකින් දාන්නකො...
ලොක්ක කිව්වෙ එහෙමයි,කියන විදියට ප්‍රේමදාස මහත්තයගෙ පින්තූරයක් දැම්මනං කිසි කෙනෙකුට කැලැන්ඩරේ දීගන්න බැරිවෙනව,අපි හරිම අසීරු අවස්ථාවකට මූණ පෑවා, මේක හරියට මහන්සියෙන් කිරි කලයක් දොවල ඉවරවුණාම ඒකට ගොම ටිකක් දාන්න කිව්ව වගේ වැඩක්නෙ...දන්න විදියට ලොක්කට කිව්ව හරිගියේ නෑ දාන්නම කියනව...
ගහන කැලැන්ඩර් ඔක්කොම අපිට තියාගන්න තමයි වෙන්නෙ මොකද ඔය පින්තූරෙ තියෙනකන් කවුරුවත් මේ කැලැන්ඩරේ අරං යන්නෙ නෑ, මේ වැඩෙන් මාව අයින් කරපල්ලා...
මම එහෙම කියල වැඩෙන් මග ඇරලා හිටියා,ඊට දවස් කීපෙකට පස්සෙ පින්තූරෙ වෙනුවට නොමිලෙ පාසැල් පොත් දීම ගැන කවියක් දාන්න ලොක්කව කැමතිකරගන්න අපිත් එක්ක වැඩකරපු අංගනාවියෙකුට පුළුවන් වෙලා තිබුණා...
අපිත් ඉක්මනට ප්‍රේමදාස මහත්තය නොමිලේ පොත් දීපු එක ගැන කවියක් ලියෝල පින්තූරෙ දකුණු පැත්තෙ පහලින් සුදුවට දැම්මා...කවිය ලියල දුන්නෙ දෙසතියෙ සහකාර සංස්කාරක වෙලා හිටපු මා දන්න ඉතාම අහිංසක මාධ්‍යවේදියෙක් වුනු හදිසියේ අප අතරින් වියෝවූ වින්සන්ට් පෙරියප්පෙරුම මහතායි...ඔහු අපට යවහන් දොස් නැති අපූරු කවියක් හදල දුන්නා, කවියෙ පද හතරම නං මට දැන් මතක නෑ දෙකක් විතරක් මතකයි...ඒ මුල් පදේ සහ අගපදේ...පද හතරම මතක තිබ්බ නං හොඳයි ඒත් ඉතිං අවුරුදු විස්සකට විතර කලින් වෙච්ච දෙයක් නොවැ...මතක තියෙන පදදෙක මෙහෙමයි...පුළුවන්නං මැදට එන පදදෙක ලියල දාන්න...අපේ බ්ලොග් අවකාසයේ හොඳ කවියො ඉන්නවනේ...
අතට ලැබුණු පොතපත වාසනාවන්
දැයට කැකුළු මේ මතු වාසනාවන්
ඔය ටික කරගත්තට පස්සෙ කැලැන්ඩරේ මුද්‍රණ කටයුතු ඉතාම වේගයෙන් කෙරිල ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන දෙසැම්බර් අග හරියෙ කැලැන්ඩර් ටික ඔපිස් එකට ගෙනාවා...
ඊට පස්සෙ එළඹුනේ බෙදාහැරීම කියන අමාරුම සහ එපාවෙන වැඩේ,අපි දෙසතිය කැලැන්ඩරේ බෙදන්නට මූලිකවම ඉලක්ක කරගෙන හිටියෙ දෙසතිය පාඨකයින්ට හා දෙසතිය විකුණන අලෙවි නියෝජිතයන්ට,ඉස්සෙල්ලාම කන්තෝරුවෙ අයට කැලැන්ඩර් දීල ඒ කරදරේ ඉවරයක් කරගත්තා...ලොකුම කරදරේ පටන්ගත්තෙ ඊට පස්සෙයි...අපට කිසිම සම්බන්ධයක් නැති සත පහක උදව්වක් නොකරපු අමාත්‍යංශ වලින් සහ ඇමතිවරුන්ගෙන් කැලැන්ඩරේ ඉල්ලලා ලියුම් ඒ කියන්නෙ නියෝග බඳු ඉල්ලීම් ගලා එන්නට ගත්තා
අපට සීයක් එවන්න,දෙසීයක් එවන්න ආදී වශයෙන්,හැම එකාටම දහයක් පහළොවක්වත් දියයුතු නිසා අපේ මූලික ඉලක්කයන් ටික ටික මග ඇරෙන්න ගත්තා...මුදල් දීල දෙසතිය ගන්න පාඨකයන් අමතක කරල කිසි පලක් ප්‍රයෝජනයක් නැති අයට කැලැන්ඩර් දෙන්න වෙන වෙලාවට බෙදිල්ල එපාවෙනවා ...
ඔන්න ඔය අතරතුරේ මගෙ හිතගත් ලිපියක් මට තැපෑලෙන් ලැබුනා...අතින් ලියූ ඒ ලිපිය එවා තිබුනෙ සියනෑ කෝරළේ ගම්පහ පැත්තෙ ගම්බද විදුහලක විදුහල්පති තුමෙක්, මට ලිපිය ලියල තිබ්බ හැටි මතක නෑ ඒකෙ සාරාංශය මෙහෙමයි...
බෙදාහැරීම් කළමනාකාර තුමා,
දෙසතිය සඟරාව,
මැලේ වීදිය,
කොළඹ 2.
මහත්මයාණෙනි,
ඔබ අනගි සඟරාව මගින් මුද්‍රණය කර ඇති මෙම වර්ෂයේ දින දර්ශනයට ඇතුළත්වන ඡායාරූපයට පෙනී සිටින්නේ මගේ පාසලේ ඉගෙන ගන්නා කුඩා දරුවන් සමූහයකි.ඔබ ඔවුන්ව ඡායාරූපයට නගා දින දර්ශනය මුද්‍රණය කලත් එකම දින දර්ශනයක් හෝ එම දරුවන්හට ලබාදීමට කාරුණික වී නොමැති බව ඉතා කණගාටුවෙන් දන්වමි.
තවත් විස්තර ගොඩක් ලියල තිබුනත් ළිපියෙ හරය ඔන්න ඔය ටිකයි...මේ ලියුම දැකල මාව කරකවල අත ඇරිය වගේ වුණා, සුරේෂ් ගෙන් පින්තූරෙ ඉල්ලං කැලැන්ඩරේ ගැහුවට ඉන්න ළමයි කවුද ඉස්කෝල කොහෙද ගෙවල් දොරවල් කොහෙද කියල අපි හෙව්වයැ, එව්ව අපට අනවශ්‍ය දේවල්නෙ...කොටින්ම සුරේෂ් මට පින්තූරෙ දුන්නෙත් හිතවත්කමට සල්ලි සතයක්වත් ගත්තෙත් නෑ...වෙන එකෙක් නං ඒ දවස්වල අඩුම තරමෙන් රුපියල් විසිපන්දාහක්වත් ඉල්ලනව...
ඒ වුනාට අපේ ගෙදරදොර වැඩ කටයුතු විදුහල්පති තුමාට කියල වැඩක් ඇතෑ...එතුමගෙ දුක් ගැනවිල්ලට විසඳුමක් දෙන්න එපායැ, මම වහාම විදුහල්පති තුමාට පිළිතුරු ලිපියක් යැව්වා...
විදුහල්පති තුමා,
.....විද්‍යාලයය
..........
ප්‍රිය මහත්මයාණෙනි,
ඔබ විසින් එවන ලද ..... දිනැති ලිපිය ලදිමි,එම ලිපිය මා වෙත එවීම ගැන මගේ ස්තූතිය පළමුව ඔබතුමාට පිළිගැන්වීමට කැමැත්තෙමි,මන්දයත් ඔබ විසින් සඳහන් කර ඇති ඡායාරූපය අප විසින් ගන්නා ලද ඡායාරූපයක් නොවන අතර එය බාහිර ප්රචාරක ආයතනයකින් ලබාගන්නා ලද ඡායාරූපයක් බැවින් එහි පෙනී සිටින පාසැල් දරුවන් පිළිබඳව අපහට කිසිම අවබෝධයක් නොතිබූ අතර එම දරුවන් හා ඔවුන් ඉගෙනගන්නා විදුහල පිළිබඳව අප දැනුවත් වුයේ ඔබතුමාගේ ලිපියෙන් බැවිනි.
ඔබතුමාගේ විද්‍යාලය සඳහා දින දර්ශන පණහක් වෙන්කර තබන අතර සතියේ දිනක දෙසතිය බෙදාහැරීම් අංශයට පැමිණ එම දින දර්ශන ලබාගතහැකි බව කරුණාවෙන් දන්වනු කැමැත්තෙමි.
තවද අවම වශයෙන් ඡායාරූපයේ පෙනී සිටින දරුවන් හටවත් දින දර්ශනය බැගින් ලබාදීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙමි.
ස්තූතියි,
මීට විශ්වාසී,
............
එහෙම ලිව්වෙ ඔය කොච්චර හිත උණුවෙන විදියට ලියුම් ලියල එව්වත් කැලැන්ඩර් ලැබුණාම ගුරුවරු ටික පොරකාල බෙදාගනී කියලයි,එතකොට අර පින්තූරෙ හිටිය අහිංසක දරුවන්ට හුළං...ප්රින්සිපල්ලගෙයි ගුරුවරුන්ගෙයි හැටි මම දන්නවනෙ...
ඔන්න ඔය ලියුම යවල සතියකට විතර පස්සෙ දවසක දවල් දහයට එකොළහට විතර හමුදා වාහනයකින් ආව සෙබළුන් දහදෙනෙක් විතර අපේ බෙදාහැරීම් අංශය වටකෙරුවා...මේ මොකක් වෙන්න යනවද කියල අපි බලාගෙන ඉන්නකොට හිනාවකින් මුහුණ සරසගත්ත උස මහත හමුදා නිලධාරියෙක් සෙබළුන් අතරින් ඇවිත් අපේ කාර්යාලෙට ගොඩවුනා...
ඔහු කෙලින්ම මගෙ ලඟට ඇවිත් සුහදව කතාකළා...
මම කර්නල් නියංගොඩ නාරාහේන්පිට කෑම්ප් එකෙන්...
වාඩිවෙන්න කර්නල්...
වාඩිවෙලා කර්නල්වරයාගෙ අතේ තිබිච්ච ලියුමක් මගේ අතට දුන්නා...දිග ඇරලා බලපුවාම මම අර විදුහල්පති තුමාට යවපු ලියුම...
ලියුම දිහාත් කර්නල් නියංගොඩ දිහාත් බලපු මගෙ මූණෙ මතුවුණු ඉස්පිලි පාපිළි ප්‍රශ්නාර්ථ සැණෙකින් වටහාගත්ත කර්නල්වරයාට ආයෙම හිනාවක් ගියා...
ඔය ලියුමයි හමුදාවයි අතරෙ තියන සම්බන්ධකම මොකක්ද කියල නේද බලන්නේ...මගෙ නෝන උගන්නන්නෙ ඔය ඉස්කෝලෙ, ප්‍රින්සිපල්ට එන්න අපහසු නිසා නෝනට කියල තියෙනව මට කියල පුලුවන්නං කැලැන්ඩර් ටික ගෙන්නල දෙන්න කියල...
ඉස්කෝලෙට වෙන්කරලා තිබුණු කැලැන්ඩර් ටික කර්නල්වරයා අරගෙන ගියා...
ඉස්කෝලෙට වෙන්කරලා තිබුණු කැලැන්ඩර් ටික කර්නල්වරයා අරගෙන ගියා...
කැලැන්ඩර් වැඩෙන් හිතට කිසිම තෘප්තියක් නොලැබුණු නිසා ඒ අවුරුද්දෙන් පස්සෙ මම දෙසතියට කැලැන්ඩර් ගැහුවෙ නෑ...
කැලැන්ඩර් කතාව මෙයින් අවසාන වෙනව සහ අපි නැවතත් මුලින් කියන්න පටන්ගත්ත කතාවට එනවා...
කැලැන්ඩර් කතාව මෙයින් අවසාන වෙනව සහ අපි නැවතත් මුලින් කියන්න පටන්ගත්ත කතාවට එනවා...
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට ආර්යාව බදුල්ලෙ වැඩ සටහන් කීපයක්ම ලෑස්ති කරගෙන තිබුණා...
කාන්තාවන්ට පොල් පැළ බෙදාදීම
පාවහන් බෙදාදීම
කිරිඅම්මාවරු දහසකට කිරි දානය
කාන්තාවන්ගේ විවිධ ප්‍රසංගය
පොල් පැළ සපයල දෙන්න බාරදීල තිබුනෙ පොලිසියට පොලිසියෙ අයත් බොහොම මහන්සිවෙලා පොල් පැළ දාහක් හමාරක් හොයල ගෙනත්දාළ තිබුණා...බදුල්ලෙ පොල් පැළ හොයාගන්න අමාරුයි බස්නාහිර පළාතෙන්ම ගෙනෙන්න ඕනෑ...සෙරෙප්පු ලෝඩ් එකකුත් කොළඹින්ම ගෙන්නගෙන තිබ්බා, කිරිඅම්මල එක්කඑන්න බාර දීල තිබුනෙ ග්‍රාමනිලධාරීන්ට, කිරිඅම්මල ගෙනෙන කොටම ඒ අයට පිළිගන්වන්න ඇතිවෙන්න කිරිබත් කැවුම් කෙසෙල්ගෙඩිත් අරගෙන එන්න ඕනෑ...
ඔන්න ඔය ආකාරයට මහා පරිමානෙන් ලෑස්තිකරල තිබුණු කාන්තා දිනය එනතුරු බදුල්ලෙ විතරක් නෙවෙයි ඌව පළාතෙම කාන්තාවො ඇඟිලි ගනිමින් හිටිය කිව්වොත් නිවැරදියි...
අපිත් සුපුරුදු පරිදි නවාතැනේ ඉඳල උදේ බදුල්ලට ඇවිත් ඡායාරූප ප්‍රදර්ශනයේ වැඩ කටයුතු ලෑස්ති කරනව රා බොනව, හැමදාම වගේ දවල් කෑමට කොහෙන් හරි ආරාධනාවක් ලැබුණා අපි එක එක්කෙනාගෙ යාළුවො හරියට ඒ අහළ පහල හිටියා...
ඔන්න එක දවසක් අපි නවාතැනේ ඉඳල වාහනේ එද්දී බදුල්ලෙ රෙක්ස් හෝල් එකේ දාල තිබුණු චිත්‍රපටියක් දැකපු අපේ ප්‍රධානියා එක පාරටම කලබල වුණා...
අන්න බං රැජිනිගෙ ෆිල්ම් එකක්...
බලපුවම ඔහු රැජිනි කාන්ත්ගේ හොඳම රසිකයෙක්...උදේ දහයට විතර මට කතාකළා...
මම යනව ෂෝ එක බලන්න උඹත් එනව නං වරෙන්...
රැජිනි කාන්ත් ගැනවත් දෙමළ ෆිල්ම් ගැනවත් මට ඒ කාලෙ එච්චරම හෝදිසියක් තිබුනෙ නෑ...කතාකරපු නිසා මමත් ගිහිං චිත්‍රපටය බැලුවා... රැජිනි කාන්ත් රඟපානවා මම මුල්වරට දැක්කෙ එදායි...නිළිය කවුද කියලනං මට මතකක් නෑ එදා චිත්‍රපටය බලන්න ඇවිල්ල හිටපු වතු කම්කරුවන්ගෙ ගෝෂාව නං මතකයි...රැජිනි තිරේට එනකොට එකම එක කම්බැල්ලෑවයි මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ...
බදුල්ලෙදි පෙන්නන්න අපේ දෙපාර්තමේන්තුවෙනුත් චිත්‍රපටයක් ලෑස්ති කරල තිබුණා ඒක හැදුවෙ රජයේ චිත්‍රපට අංශයෙන්...ඒ කාලෙ චිත්‍රපට අංශෙ සංස්කාරකයෙක් හැටියට වැඩකරපු ප්‍රසිද්ධ නළුවෙක් ප්‍රේමදාස මහත්තය ගැන චිත්‍රපටය හැදුවා...මේ නළුවා ඒ දවස්වල මගෙත් එක්ක හුඟක් හිතවත් වුණා පස්සෙ කාලෙක ඔහු ගැන රස කතා සාගරයක් අපේ බෙන් ෆිල්ම්ස් එකේ වැඩ කරපු කොල්ලො මාත් එක්ක කිව්වා ඒවා ලියනවද නැද්ද කියල මං කල්පනා කරමින් ඉන්නෙ...මොකද ඒ කතා ඔක්කොම වගේ වැඩිහිටියන්ට පමණයි කතා...ඒ වුනාට මේ බ්ලොගට වැඩිහිටියොත් එනව දරුවොත් එනව ඉතිං අපි ස්වයං වාරණයක් ඇති කරගන්න ඕනැනේ...
අපිත් සුපුරුදු පරිදි නවාතැනේ ඉඳල උදේ බදුල්ලට ඇවිත් ඡායාරූප ප්‍රදර්ශනයේ වැඩ කටයුතු ලෑස්ති කරනව රා බොනව, හැමදාම වගේ දවල් කෑමට කොහෙන් හරි ආරාධනාවක් ලැබුණා අපි එක එක්කෙනාගෙ යාළුවො හරියට ඒ අහළ පහල හිටියා...
ඔන්න එක දවසක් අපි නවාතැනේ ඉඳල වාහනේ එද්දී බදුල්ලෙ රෙක්ස් හෝල් එකේ දාල තිබුණු චිත්‍රපටියක් දැකපු අපේ ප්‍රධානියා එක පාරටම කලබල වුණා...
අන්න බං රැජිනිගෙ ෆිල්ම් එකක්...
බලපුවම ඔහු රැජිනි කාන්ත්ගේ හොඳම රසිකයෙක්...උදේ දහයට විතර මට කතාකළා...
මම යනව ෂෝ එක බලන්න උඹත් එනව නං වරෙන්...
රැජිනි කාන්ත් ගැනවත් දෙමළ ෆිල්ම් ගැනවත් මට ඒ කාලෙ එච්චරම හෝදිසියක් තිබුනෙ නෑ...කතාකරපු නිසා මමත් ගිහිං චිත්‍රපටය බැලුවා... රැජිනි කාන්ත් රඟපානවා මම මුල්වරට දැක්කෙ එදායි...නිළිය කවුද කියලනං මට මතකක් නෑ එදා චිත්‍රපටය බලන්න ඇවිල්ල හිටපු වතු කම්කරුවන්ගෙ ගෝෂාව නං මතකයි...රැජිනි තිරේට එනකොට එකම එක කම්බැල්ලෑවයි මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ...
බදුල්ලෙදි පෙන්නන්න අපේ දෙපාර්තමේන්තුවෙනුත් චිත්‍රපටයක් ලෑස්ති කරල තිබුණා ඒක හැදුවෙ රජයේ චිත්‍රපට අංශයෙන්...ඒ කාලෙ චිත්‍රපට අංශෙ සංස්කාරකයෙක් හැටියට වැඩකරපු ප්‍රසිද්ධ නළුවෙක් ප්‍රේමදාස මහත්තය ගැන චිත්‍රපටය හැදුවා...මේ නළුවා ඒ දවස්වල මගෙත් එක්ක හුඟක් හිතවත් වුණා පස්සෙ කාලෙක ඔහු ගැන රස කතා සාගරයක් අපේ බෙන් ෆිල්ම්ස් එකේ වැඩ කරපු කොල්ලො මාත් එක්ක කිව්වා ඒවා ලියනවද නැද්ද කියල මං කල්පනා කරමින් ඉන්නෙ...මොකද ඒ කතා ඔක්කොම වගේ වැඩිහිටියන්ට පමණයි කතා...ඒ වුනාට මේ බ්ලොගට වැඩිහිටියොත් එනව දරුවොත් එනව ඉතිං අපි ස්වයං වාරණයක් ඇති කරගන්න ඕනැනේ...