Tuesday, December 11, 2012

02.හුදෙකලාවු කොලුවා

මහගම සේකර කියන්නෙ මා ඉතා ආදරය කරන කලාකරුවෙක්.ඔහුගෙ  කවි කීපයක් මගේ හිත අතීතයට රැගෙන ගියා.සේකර ශූරීන්ගෙ උපන් ගම රදාවාන,පසුකාලීනව ඔහු ගම්පහ පදිංචියට යනවා.දෙමාපියන් බලන්නට ඉඳහිට රදාවානට යෑම ඔහුගෙ සිරිතක්

මෙයින් කියවෙන්නෙ නිසැකයෙන්ම ඔහුගේ අත්දැකීමක්,ඒත් බලන්න මෙය අපේ හිත්වලටත් කොතරම් සමීපද කියල.

කලාතුරකින් දවසක ගමට යනවිට
අපේ ගමේඉස්කෝලය පෙනෙයි මට
සිංහල උලු සෙවිලි කළ ඒ වහල යට
සඟවා තිබේ මග ජීවිතයෙහි සතුට

ඈත අහස දෙස නිකමට දෑස හෙලා
කොලුවෙක් සිටී පංතිය කෙලවරට වෙලා
ගහ කොල කියන දෙය ඇසෙනා මුත් කනට
ගුරුතුමා කියන දෙය නෑසෙයි ඔහුට

ඔහුගේ මුහුණ හොඳහැටි නොපෙනුනත් මට
ඒ ඉන්නේ මා යයි සැක සිතෙයි මට

5 comments:

  1. හැලපයා වැඩ අල්ලා තිබීම ගැන සතුටුයි...

    සේකර ගම්පහට ගියා පමණක් නොව මගේ පාසලේ ඉගැන්වීමේද නිරතව සිට තිබෙනවා... පාසලේ ප්‍ර‍ධාන ශාලාවට යාබද කාමරයක් තුල විවේකී වේලාවට පන්හිද මෙහෙයවූ බවයි දැනගන්න තියෙන්නෙ... ඒ අනුව රටක් පිනවූ නිර්මාණ රාශියක් බිහිවෙන්න ඇත්තෙ එතැන...

    බ්ලොග් ලොව දිගු ගමනකට සුභ පැතුම් !
    Word verification ඉවත් කරන්න එවිට කමෙන්ට් කරන්න පහසුයි.

    ReplyDelete
  2. ස්තුතියි,ඔන්න ඉවත් කලා.
    සේකරයන්ගෙ තවත් කතා කීපයක්ම තියෙනව පසුව ලියන්නම්.පැමිනීම ගැන ගොඩක් ස්තුතියි..

    ReplyDelete
  3. සේකර මගෙත් ප්‍රියතම කලාකරුවෙක්. සරල වදනින් මොන තරම් හැඟීම් ඇති කරනවද?

    ReplyDelete
  4. සේකරයන්ගේ තුංමංහන්දිය කතාව මතක් වුණා

    ReplyDelete

ඔබේ අදහස්